සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පුත්තලම අලෙවි නියෝජිත හමුව සාර්ථකව අවසන් වේ.

18-January-2022

දිවයින පුරා විසිරී පැතිරී සිටින අලෙවි ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "සංවර්ධන අභිමන්" වැඩසටහනෙහි පුත්තලම දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.17 දින හලාවත  Chilaw City හෝටල් පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වන ලදී.

ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමාත්‍ය සනත් නිශාන්ත  මැතිතුමා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සමඟින්   දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන සභාපතිවරුන්ද  සහභාගී විය.

2022 වර්ෂයේදී  නව දැක්මක්  සහ නායකත්වයක් සහිතව ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය සවිබලගැන්වීම මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික  අරමුණයි. ඊට අදාල වන  සැලසුම් සහ වෙළඳපොළ උපායමාර්ග පිළිබඳවත් එහිදී සාකච්ඡා විය. ඒ සඳහා බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි නියෝජිතයන් වෙතින් ලැබෙන අදහස් හා යෝජනා වලටද එහිදී අවස්ථාව හිමිවූ අතර 2021 වසරේදී විශිෂ්ටතම අලෙවියක් සිදුකළ පුත්තලම දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත  පිරිස ඇගයීමත් ඔවුන්ට සහතිකපත් හා තිළිණ ප්‍රධානය කිරීමද  සිදුකෙරිණ.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්