ලංකාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය ලෙසින් ලොතරැයි පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමකින් වාසනාව උදාකළ ආකර්ෂණීය සසිරි ලොතරැයිය ලොතරැයි ලොවේ වැඩිම ලක්ෂපතියන් සංඛ්‍යාවක් බිහිකරන ලොතරැයියයි.
2022 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට අද දක්වා එයින් බිහිවූ ලක්ෂපතියන් සංඛ්‍යාව 206 කි. එක පෙලට ලක්ෂපතියන් බිහිකරන එම ජයග්‍රාහී සසිරි ලොතරැයියයේ විශේෂ දිනුම් ඇදිමක් එළඹෙන මාර්තු 15 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. සසිරි “ලක්ෂපති වාසනා” නමින් හදුන්වා ඇති මෙම විශේෂ දිනුම් ඇදීමට අදාල ටිකට්පත් වෙළදපලට නිකුත් කිරීම 2022.02.18 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිළධාරී අජිත් ගුණරත්න නාරගල මහතා විසින් සිදුකරන ලදී. ලක්ෂ ගණනින් මුදල් තෑගි වැසි වස්සන “ලක්ෂපති වාසනා” විශේෂ දිනුම් ඇදීම හරහා රු.100,000/-යේ මුදල් ත්‍යාග රැසක් මෙම දිනුම් ඇදීමේදීත් දිනා ගැනීමට අවස්ථාව හිමිවන අතරම සසිරි ලොතරැයියේ සුපුරුදු ත්‍යාග රටාවද නොවෙනස්ව පවතී.
රට වටා ලක්ෂපතියන් එක පෙළට බිහිවන “ලක්ෂපති වාසනාවේ” හිමිකරුවෙක් වන්නට ඔබත් අදම ඔබේ ජංගම දුරකතනයෙන් DLB Sweep App හරහා හෝ ළගම අලෙවි කුටියෙන් සසිරි “ලක්ෂපති වාසනා” ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිළදී ගන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...