"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිපුණ රණවක මැතිතුමා , ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා යන අයත් මාතර මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාව සදහා සහභාගී විය.
2022 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත ත්‍යාග ප්‍රදානයන් ද සිදු කරන ලදී.
2021.07.14 දින පැවති අද කෝටිපති 1308 වන වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/- දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මිය. ඇයට අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එම අති දැවැන්ත සුපිරි...
2021.04.02 දින පැවති සුපර් බෝල් 1415 වන වාරයේ සුපිරි ජයමල්ල 52,144,365/- ක මුදල දිනාගත් ඉංගිරිය ප්‍රදේශයේ යූ.එම්.ජේ.ටී.උපසේන මහතාට අදාළ චෙක්පත පිරි නැමීම 2021.04.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා විසින් සිදුකරන ලදී.
එම ජයග්රාහි ලොතරැයිපත අලෙවි කර තිබුණේ ඉංගිරිය...
ලග්න වාසනාව 3093 වන වාරයේ සුපිරි ජයමල්ල 2,689,014/- ක මුදල දිනාගත් එම්.ඒ.ඩබ්.සුරේන්ද්‍ර මහතාට අදාළ චෙක්පත ලබාදීම 2021.04.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.
එමෙන්ම සංවර්ධන ල...