සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

16-March-2022

සංවර්ධන අභිමන් 2022” නුවරඑළිය දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 13 වන දින නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ගරු සී.බී. රත්නායක මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා ,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය .
2022 වර්ෂයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්