සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

දිනෙන් අලුත් වෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය...

20-October-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් දුම්රිය මගින් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම පිළිබඳ 2022 ඔක්තෝබර් 19 වන දින ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ දී , සිදුවූ සාකච්ඡාවකට අනුව සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් වෙත එළඹීමට එකඟතාවය පළවූහ. 

මේ තුලින් රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ද ප්‍රතිලාභ අත්වෙන බවත්, රටේ බොහොමයක් ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශවයන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළබීමට කටයුතු කරන බවත් ගරු අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිළධාරී අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, ස. සාමාන්‍යාධිකාරී(පරිපාලන)ප්‍රසාද් රණසිංහ මහතා සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්