සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය”විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 12 වනදා…..

21-August-2024

ලොතරැයි වෙළදපලේ වැඩිම සුපිරි ජයග්‍රාහකයින් ප්‍රමාණයක් බිහි කරන ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය” නමින් විශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

මෙම විශේෂ දිනුම් ඇදීම 2024.09.12 වන දින පැවැත්වීමට නියමිත මෙම “සුපිරි ධනයෝගය” විශේෂ දිනුම් ඇදීමේ ටිකට්පත් වෙළදපලට නිකුත් කිරීම 2024.08.09 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ඇතුලු කළමනාකාරීත්වයේ සහභාගීතවයෙන් සිදුවිය.

මෙම විශේෂ දිනුම් ඇදීම හරහා සුපුරුදු ලක්ෂ 30 ඉක්මවා යන සුපිරි ජයමල්ල ඇතුලු සෙසු ත්‍යාග වලට අමතරව විශේෂ අංකයන් ගැළපීමෙන් රු.100,000/- හා රු.50,000/- මුදල් ත්‍යාග රුසක් දිනාගැනීමට අවස්ථාව උදාකර දී ඇත.

වාසනාවේ සුබ ලකුණින් ඔබට උරුම වාසනාව උරගා බලන්න ඔබත් ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය”විශේෂ ටිකට්පත් වැඩි වැඩියෙන් මිළදී ගන්න.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්