සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජීවිතයම එළිය කරගත් තවත් වාසනාවන්තයින් 72 සදහා චෙක්පත් පිරිනැමේ !

22-August-2024

දිනෙන් දිනම  ජයග්‍රාහකයින්  රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ තවත් සුපිරි ජයග්‍රාහකයින්, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් ඇතුලු ජයග්‍රාහකයින් 72 ක් සදහා චෙක්පත් පිරිනැමීම  2024. 08.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, අදකෝටිපති සුපිරි ජයමල්ල වන 127,062,624/-, සුපර් බෝල් ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.102,540,384/-, කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල වන රු.10,000,000/- සහ ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ජයමලු වන රු.8,896,533/-ක  සුපිරි ජයමල්ල , රු.6,613,257/-ක  සුපිරි ජයමල්ල , රු.5,341,053/- ක සුපිරි ජයමල්ල සමගින් තවත් සුපිරි ධන සම්පත රු.2,500,000/- ජයග්‍රාහකයන් හය දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි. එමෙන්ම විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක්ටත්,දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක්ටත් මෙහිදී චෙක්පත් පිරිනැමූ අතර  එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.365,453,851/- කි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා ඇතුලු නිලධාරීන් සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්