සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි පිළිසදර කුරුණෑගලට

06-September-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලය සමගින් එක්ව ඉදිරියට යන අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ අදහස් හා යෝජනා වෙනුවෙන් ඉඩ ලබාදෙන “අලෙවි පිළිසඳර” වැඩසටහනේ තවත් වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් 2024.08.24 හා 2024.08.25 වන යන දිනයන්හි ස්ථාන තුනකදී පවත්වන ලදී.

මෙම වැඩසටහන හරහා අලෙවි සහායක මහත්ම මහත්මීන්ට නව ව්‍යවසායකත්ව අදහස් හා යෝජනා ලබාදීමත්, ලොතරැයි අලෙවිය හා සම්බන්ධව පවතින ඔවුන්ගේ ගැටලු හා යෝජනා වලට අවස්ථාව ලබාදීමත් සිදුවිය.

2024.08.24 වන දින අලෙවි පිළිසඳර වැඩසටහන වාරියපොල නගර ශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කළ අතර ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් කලාප කලමනාකරු රංග රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

එසේම 2024.08.25 වන දින කුරුණෑගල හා කුලියාපිටිය නගර ශාලා පරිශ්‍රයන්හි තවත් වැඩසටහන් දෙකක් පවත්වා අවසන් කළ අතර එම වැඩසටහන් සදහා සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) පී.ඩි.යූ. මලින්ද මහතා, අභ්‍යන්තර විගණක වසන්ත සේනාධීර මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් කලාප කලමනාකරු රංග රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්