සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජීවිතයම එළිය කරගත් තවත් වාසනාවන්තයින් 31 සදහා චෙක්පත් පිරිනැමේ !

04-October-2024

දිනෙන් දිනම  ජයග්‍රාහකයින්  රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ සුපිරි ජයමලු ඇතුළුව, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය සහ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා ද චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීම 2024.10.02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්,ශනිදා සුපිරි ජයමල්ල වන රු.51,005,682.40, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රු.7,284,571.60 සහ ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රු.3,000,000 සමගින් තවත් සුපිරි ධන සම්පත රු.2,500,000/- ජයග්‍රාහකයකු සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි. එමෙන්ම විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 13 දෙනෙක්ටත්,දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 14 දෙනෙක්ටත් මෙහිදී චෙක්පත් පිරිනැමූ අතර  එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.103,790,254/-කි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්