ලොතරැයි වෙළදපොලේ දිනපතා දිනුම් අදින සුවිශාලම සුපිරි ජයමල්ල රැගත් කප්රුක ලොතරැයියේ “කප්රුක නත්තල් වාසි ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2024.12.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙම විශේෂ දිනුම් ඇදීම 2024 දෙසැම්බර් 31 වන අගහරුවාදා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම විශේෂ දිනුම් ඇදීම මගින් එදිනට නියමිත කෝටි 55 ඉක්මවා යන සුපිරි ජයමල්ල,කෝටියේ ජයමලු දෙකක්, ලක්ෂ විස්සේ ජයමල්ලක් සමගින් තවත් ලක්ෂ දෙකක් දක්වා ත්‍යාග වලට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකය ගැළපීමෙන් වටිනා මෝටර් සයිකල් සමගින් දෙවනුව තෝරාගනු ලබන අංක 06 කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්රාහකයින්ට දිනා ගත හැක.
ලංකාවේ දැවැන්තම සුපිරි ජයමල්ල සමගින් ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබ දිනවන කප්රුක ලොතරැයියෙන් වාසනාව උදාකර ගන්න ඔබත් වැඩි වැඩියෙන් කප්රුක ලොතරැයිපත් මෙන්ම “කප්රුක නත්තල් වාසි ” ලොතරැයිපත් මිලදී ගන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවන්තයින් බවට පත්වූ ජයග්‍රාහකයින් හතලිස් නව දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්රදානය 2019.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එක් මසක් ඇතුළත ල...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී 2019.08.25 වන දින පැවැත්විය.
ව...