දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීමක් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2024.12.08 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ආසන වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබදීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන ...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ...
අවුරුදු හතේදී පොල්පිත්තක බුලත් විට ගසාගෙන ගොස් විකුණපු කෙනෙක් අද කොයි වගේ තැනක ඉන්න පුළුවන්ද? අද අපි ඔබට සමීප කරන මේ ජීවිත කතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ ශක්තියෙන්, දෛවයේ සරදම් වාසනාවකට පෙරලා ගත් අපේ කාලයේ උත්සාහවන්තයෙක් ගැනයි.
ජීවිතේ හය හතර තේරුම් ගන්න ඉස්කෝලෙකට යන්න ඕන වයසෙදි බුලත්විට වි...
කුරුණෑගල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර කියන්නේ පිය උරුමයෙන් ලොතරැයි ව්‍යාපාරයට අවතීරණ වූණ ලොතරැයි ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරියක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඈ වෙත ගෙන ආ සාර්ථකත්වය මතක් කළ ඇය ලොතරැයි ව්‍යාපාරයේ දූෂ්කරම ඉ...