මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, කොට්ඨාශ වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයමින් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...
දශක හතරක් පුරාවට සුවහසක් ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වාසනාව පිළිබද නව බලාපොරොත්තු දල්වමින් නව වසර සදහා වැඩ ආරම්භ කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ජයග්රාහණ...
අසිරිමත් නත්තල අභියස වාසනාව දෝතට තිළිණ කළ තවත් චෙක්පත් ප්‍රදානෝත්සවයක් 2024.12.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වය...