දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කළුතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.16 වන දින වාද්දූව ලයා බීචි හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, කොට්ඨාශ වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබදීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ...