දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.02 වන දින හබරණ ඇත්කඳුර හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, කොට්ඨාශ වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබදීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රු...
2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් &...