දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන දින බදුල්ල හෙරිටේජ් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, කොට්ඨාශ වශයෙන් වැඩිම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබදීමත් සිදුකරන ලදී. එසේම ලොතරැයි අලෙවිය හා සම්බන්ධව අලෙවි නියෝජිතයින්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩහසර ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අදාළ දිස්ත්‍රික්කයන්හි කලාප කළමනාකරු සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
ලග්න වාසනාව 3093 වන වාරයේ සුපිරි ජයමල්ල 2,689,014/- ක මුදල දිනාගත් එම්.ඒ.ඩබ්.සුරේන්ද්‍ර මහතාට අදාළ චෙක්පත ලබාදීම 2021.04.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.
එමෙන්ම සංවර්ධන ල...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභා...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් හා ලග්න වාසනාව යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.30 වන දින ගරු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් සිදුකරන ලදී.