සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක පෙළට බිහිකළ තවත් කෝටිපතියන් හා ලක්ෂපතියන් 47 දෙනෙක්ට දෝත පුරා තෑගි !

09-May-2025

ජයග්‍රහණය වෙනුවෙන් හීන දකින මෙරට සුවහසක් ලොතරැයි පාරිභෝගික ජනතාවගේ සිහින එක රැයින් සැබෑ කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ටිකට්පත් තුළින් බිහිවූ තවත් වාසනාවන්තයින් රැසකට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2025.05.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, සුපර්බෝල් සුපිරි ජයමල්ල වන රු.93,267,869/- දිනාගත් වාසනාවන්තයාටත් සහ කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනාගත් වාසනාවන්තයාටත්,ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රු.5,833,762/- දිනාගත් වාසනාවන්තයාටත්, ලග්න වාසනාවේම සුපිරි ජයමල්ල වන 3,549,874/- දිනාගත් වාසනාවන්තයාටත් , සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 05 දෙනෙක් සඳහා  චෙක්පත් ප්‍රදානය කරන ලදි.

එසේම තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 20 දෙනෙක් සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 18 දෙනෙක් සදහාත් එහිදී චෙක්පත් ප්‍රදානය කළ අතර සමස්ත ජයග්‍රාහකයින් 47 දෙනෙක් අතරෙහි රු. 183,151,506 /-ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදාදීම සිදු කරන ලදි.   



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්