සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් සුපිරි ජයග්‍රාහකයින් හා ලක්ෂපතියන් 45 දෙනෙක්ට චෙක්පත් පිරිනැමේ !

23-July-2025

ජයග්‍රහණය පසුපස දිරියෙන් හඹා යන්නන් කෙදිනක හෝ ජයග්‍රාහණය අත්කර ගන්නා බව සනාථ කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ටිකට්පත් තුළින් බිහිවූ තවත් වාසනාවන්තයින් රැසකට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2025.07.23 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, කප්රුක සුපිරි ජයමල්ල වන රු.10,000,000/- දිනාගත් වාසනාවන්තයාටත් ,ලග්න වාසනාව සුපිරි ජයමලු වන රු.7,075,017/- ක සුපිරි ජයමල්ල,රු.3,516,109/- ක සුපිරි ජයමල්ල හා රු.3,000,000/-ක සුපිරි ජයමල්ල දිනාගත් වාසනාවන්තයින් තිදෙනාටත්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ දෙදෙනාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

එසේම තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 21 දෙනෙක් සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 14 දෙනෙක් සදහාත් එහිදී චෙක්පත් ප්‍රදානය කළ අතර සමස්ත ජයග්‍රාහකයින් 45 දෙනෙක් අතරෙහි රු.86,753,670/-/-ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදාදීම සිදු කරන ලදි.   



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...

විශේෂාංග පුවත්