සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රාහකයින් 56 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය -2025/10/09

10-October-2025

සංවර්ධන ලොතරැයිපත් අතරින් බිහිවූ ජයග්‍රාහකයින් 56 දෙනෙක් සදහා අදාළ චෙක්පත් පිරිනැමීම 2025.10.09 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකිරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනූ ජයග්‍රාහකයාටත්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- තිදෙනාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 27 දෙනෙක් සදහාත්  හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 25 දෙනෙක් සඳහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 56 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 96,500,000/-කි.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්