සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරි‍ශ්‍රයේදී සිදුවිය.

මෙහිදී කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනූ ජයග්‍රාහකයාටත් ,ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රහණයන් වන රු.4,365,108/- , රු.3,683,815/-, රු.3,341,224/-, රු.3,284,972/-, රු.3,000,000/- යන සුපිරි ත්‍යාග දිනූ වාසනාවන්තයින්ටත් සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ වාසනාවන්තයින් දෙදෙනෙක්ටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

තවද විසිලක්ෂපති ජයග්‍රාහකයින් 27 දෙනෙක් සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 28 දෙනෙක් සදහාත් අදාළ චෙක්පත් පිරිනැමීම සිදුවිය.

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 63 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.114,675,121.00 කි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්