සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙවර අලුත් අවුරුදු උත්සවය විනෝදාත්මකව අත්දැකීම් රැසක් සමගින් පවත්වන ලදී

23-April-2018

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කරන කාර්ය මණ්ඩලයට හා ඔවුන්ගේ දූ දරුවන් සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංවිධානය කරන ලද අවුරුදු උත්සවය පසුගිය අපේ‍්‍රල් 21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී පැවැත්විණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළ සේවය කරන සියලුම ආකාරයේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටත් දූදරුවන්ටත් සතුටු විය හැකි ආකාරයෙන් සංවිධාන වූ මෙම අවුරුදු උත්සවයේදී විනෝදාත්මක අවුරුදු ක‍්‍රීඩා ගණනාවක් පවත්වන ලදී. දූදරුවන් හා වැඩිහිටියන් සදහා වෙන් වෙන් වශයෙන් ක‍්‍රීඩා පැවැත්වුණු අතර ජයග‍්‍රාහකයින් සදහා වටිනා මුදල් ත්‍යාග ලබා දීමද සිදුවිය. බනිස් කෑම, අලියට ඇස තැබීම ,සිගිති අවුරුදු කුමරා කුමරිය තේරීම, පොල් අතු විවීම, බැලුම් පිපිරවීම, කඹ ඇදීම, ජන කවි ගායනය ,සූප්පූවෙන් බීම බීම ,ඉදිකටුවට නූල දැමීම ,හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම ආදී විනෝදාත්මක කී‍්‍රඩා ගණනාවක් එදින පුරා පවත්වන ලදී. සුමිහිරි සංගීත වාදනයෙන් හා ගීත ගායනයෙන් රසවත් වුණ මෙම අවුරුදු උත්සවය සදහා සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදන කටයුතුවල නිරතව සිටින නිවේදක නිවේදිකාවන්ද සහභාගී විය.  උදෑසන සිට ඉතාමත් විනෝදකාමී ලෙස පැවැත්වුණු මෙම අවුරුදු උත්සවය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු නිළධාරී මඩුල්ලද සහභාගී විය.

සියල්ලන්ටම කිසිදු වෙනසකින් තොරව සතුටු වීමේ අවස්ථාව හිමිකර දීමේ අරමුණින් පවත්වන ලද 2018 වසරේ අවුරුදු උත්සවය විනෝදත්මක අත්දැකීම් රුසක් සියල්ලන්ටම ලබා දෙමින් ඉතාමත් සාර්ථකව පවත්වා අවසන් විය.


සංවර්ධන වාසනාව මැයි 21 වනදා සිට  නව මුහුණුවරකින් වෙළදපලට
ලග්නයේ වාසනවෙන් සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට සහ තවත් ලක්ෂපතියන් 21 දෙනෙක්ට සංවර්ධන ලොතරැයියෙන් මුදල් ත්‍යාග
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 6 වන අලෙවි නියෝජිත හමුවත් සාර්ථක නිමාවකට