සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්නයේ වාසනවෙන් සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට සහ තවත් ලක්ෂපතියන් 21 දෙනෙක්ට සංවර්ධන ලොතරැයියෙන් මුදල් ත්‍යාග

17-May-2018

ඔබේ වාසනාව ඔබේම ලග්නයෙන් උරගා බලන්නට අවස්ථාව ලබා දෙන සංවර්ධන ලොතරැයියේ ලග්න වාසනාවෙන් තමන්ගේ ලග්නයෙන්ම සුපිරි ජයමල්ල දිනා ගත් වාසනාවන්තයෙක් බිහි කරන්නට  පසුගියදා සංවර්ධන ලොතරැයියට හැකියාව ලැබුණි.

ලග්න වාසනා 2284 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.59,32,368 ක මුදල දිනාගත් නාවලපිටිය යූ ඩබ් එන් ටී බණ්ඩාර මහතාට එකී වාසනාවේ දොරටු විවර වූයේ ඔහුගේම ලග්නයෙන් තෝරා ගත් ලග්න වාසනා ටිකට්පත තුළින්ය.

අදාළ මුදල් චෙක්පත ලබා ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ බණ්ඩාර මහතා සදහන් කළේ ලංගම බස් රථ කොන්දොස්තරවරයෙක් වන තමන් පසු කරන සෑම ප‍්‍රධාන නගරයකින්ම සංවර්ධන ලොතරැයි ටිකට්පත් මිළදී ගන්න අමතක කරන්නේ නැහැ කියලයි. තරුණ වයසේ පසුවන බණ්ඩාර මහතා සංවර්ධන ලොතරැයිය මිළදී ගන්න පුරුද්ද ඇති කර ගත්තේ මීට වසර 12 කට විතර කලින් කියලයි ඔහු බොහොම සතුටින් ප‍්‍රකාශ කළේ. එදා ඉදලා අද වෙනකල් සංවර්ධන ලොතරැයිය මිළදී ගත්ත බණ්ඩාර මහතාගේ හීන අතර කෙදිනක හෝ ලොතරැයි දිනුමක් ඇදෙයි කියෙන විශ්වාසය තිබුණ කියලයි ඔහු සදහන් ක‍ළේ. නිරන්තරයෙන් මිළදී ගත්ත සෑම ලොතරැයියකින්ම රුපියල් 100 ක දිනුමක් හෝ ඇදුන නිසා අනාගතයේදී අනිවාර්යෙන්ම සුපිරි දිනුමක් ලැබෙයි කියන බලාපොරොත්තුව බණ්ඩාර මහතා‍ගේ හදවතේ තදින්ම ලියවිලා තිබුණ කියලයි ඔහු අදාළ මුදල් චෙක්පත ලබාගත් අවස්ථාවේදීත් ප‍්‍රකාශ කළේ.

 විශ්වාසය අත නොහැර වාසනාව අතට ලැබෙන තුරු ඉවසීමෙන් සංවර්ධන ලොතරැයයි සමගින් එක්කව සිටිය බණ්ඩාර මහතාගේ සුපිරි ජයමල්ලක හීනය අද වෙනකොට සැබෑ වෙලා. ඔහුට ඒ වාසනාව අලෙවි කරලා තියෙන්නේ නාවලපිටිය ප‍්‍රදේශයේම අලෙවි නියෝජිතවරියක් වන ටී යූ හෙට්ටිආරච්චි මහත්මියයි.

 එම සුපිරි ජයමල්ලට හිමි මුදල් චෙක්පත බණ්ඩාර මහතා වෙත ප‍්‍රදානය කිරීම 2018.05.15 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  සභාපති එස්.ඒ.පී සුරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය. බණ්ඩාර මහතාට මෙන්ම තවත් දස ලක්ෂපතියන් 21 දෙනෙක්ට අදාළ මුදල් චෙක්පත් පිරීනැමීමද එදින සිදුවිය.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බදුල්ල දිස්ති‍්‍රක් ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් අලෙවි සහයක හමුවක් බණ්ඩාරවෙලදී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගම්පහ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නවතම අලෙවි කුටි