සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

එක් කෝටිය ඉක්මවූ “නියත ජය” සුපිරි ජයමල්ල දිනූ වාසනාවන්තයාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ත්‍යාග

18-June-2018

කෙටිම කාලයක් ඇතුළත වැඩිම කෝටිපතියන් ප‍්‍රමාණයක් බිහි කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තවත් අති විශාල ජයමල්ලකට උරුමකම් කියන කෝටිපතියෙක් බිහිකරන්නට සමත් විය. ඒ “නියත ජය” 672 වන වාරයේ සුපිරි ජයමල්ල වූ  රු.1,53,26,748 ක මුදල ගම්පොල ප‍්‍රදේශයේ කේ.ඩී.ඒ.සී අබේගුණවර්ධන මහතාට දිනාදෙමිනි. ඔහුට එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ මහනුවර අලෙවි නියෝජිත එම්.ආර්.ඒ.පී සැම්සන් මුණිතුංග මහතා විසිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මගින් බිහිකළ කෝටිපති ජයග‍්‍රාහකයින් ගොන්නට එක් වූ එම වාසනාවන්තයාට හා අලෙවි නියෝජිත මහතාට හිමි ත්‍යාග මුදල් ප‍්‍රදානය පසුගිය 12.06.2018 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

තවද ලග්න වාසනාව 2304 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 61 77 564 ක මුදල දිනාගත් මුල්ලේරියාව සිට පැමිණි පී හාමර් මෙනවියට හා එය අලෙවි කළ වැලිවිට අලෙවි නියෝජිත ආර් කේ ගාමිණි රාජපක්ෂ මහතාටත් ලග්න වාසනාව 2307 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 24 25 008 ක මුදල දිනාගත් බත්තරමුල්ල ඒ ඒ ටී එන් අමරසිංහ මහතාට හා එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළ පිටකෝට්ටේ අජිත් අලහකෝන් මහතාටත් මෙහිදී අදාළ මුදල් චෙක්පත් ප‍්‍රදානය කරන ලදී.

තවදුරටත්  සිහිනයක් නොවූ සුපිරි ජයමල්ල දිනාගැනීමේ වාසනාවට හෙට දිනයේදී ඔබටද  උරුමකම් කීමට හැකි බව සිහිපත් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් එවන් වාසනාවක හිමිකරුවකු වීමට වැඩි වැඩියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මිළදී ගන්නා ලෙස ඇරයුම් කර සිටියේය.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම සාර්ථකව
ජයෝදා “රන් ජූලිය” විශේෂ දිනුම් ඇදීම ජුලි 19 වනදා 
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්