සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘Vision 2025 ගමට සවිය’ හා ‘ගමට දිනුම’ නමින් ක්ෂණික ලොතරැයිපත් දෙකක්

30-August-2018

රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග‍්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්  ‘Vision 2025 ගමට දිනුම  ‘Vision 2025 ගමට සවිය  යනුවෙන් ක්ෂණික ලොතරැයිපත් දෙකක්  අද දින (2018.08.29 ) වෙළදපලට නිකුත් කරන ලදී.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දිළිදුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ කරන ලද ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්  ක‍්‍රියාත්මක වන Vision 2025, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා ගම්පෙරළිය සංවර්ධන සංග‍්‍රාමය පාදක කරගනිමින් මෙම ක්ෂණික ලොතරැයිපත සංවර්ධන  ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇත.

ඌව වෙල්ලස්ස සංවර්ධනය ‍සනිටුහන් කරමින්  මොණරාගල පවත්වන ගම්පෙරළිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම ලොතරැයිපත අලෙවි කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.

මෙම  ටිකට්පත් එළිදැක්වීම  ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් මොණරාගල ගම්පෙරළිය ප‍්‍රදර්ශන භූමියේදී සිදුකෙරුණි. මෙම ටිකට්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා ඇතුලු ඉහළ නිළධාරීන් සහභාගී විය.

වාසනාව වෙනුවෙන් නවතම අවස්ථාවන් නිරන්තරයෙන් ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙම ක්ෂණික ලොතරැයිපත්  තුළින්  රුපියල් ලක්ෂය බැගින් මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමට ඔබට හැකියාව ඇත.

මෙම ක්ෂණික ලොතරැයිපත්  හරහා ඔබට වාසනාවත් රටේ සංවර්ධන සංග්‍රාමයට ශක්තියත්  උදා කරදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  අරමුණයි.


වාසනාවේ ප‍්‍රතිඵල දැන් දුරකතනයෙන්
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2018 වර්ෂයේ මුල් මාස හය ඇතුළත රුපියල් මිලියන  1,200 ක ලාභයක් උපයයි
ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කී‍්‍රඩා අභිවෘද්ධියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්  අනුග‍්‍රහයක්