සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
නැගෙනහිර පළාතේ අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් 09 දෙනෙක් සදහා එහිදී ට්රයිසිකල් ප්රදානය කිරීම සිදුවිය.
ජූලි 16 වන දින අම්පාර දිස්ත්‍රික් ට්රයිසිකල් ප්රදානෝත්සවය අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේදී සිදුකළ අතර එම අවස්ථාව සදහා අම්පාර මහ නගර සභාවේ නගරාධිපති එම්.ඒ.චමින්ද සුගත් මහතාද සහභාගී විය.
ත්‍රිකුණාමලය නගරයෙහි ට්රයිසිකල් ප්රදානෝත්සවය ජූලි 17 වන දින පැවති අතර එම අවස්ථාව වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජේලාල් මහතාද සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවන් සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අලෙවි නිළධාරී අයි.ඩී.පී.කුමාරසිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.
ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනත...
ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම ...