සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් දෙකක විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට්‍රයිසිකල්

18-July-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්‍රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.

නැගෙනහිර පළාතේ අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි විශේෂ අවශ්‍යතා  සහිත අලෙවි සහයකයින් 09 දෙනෙක් සදහා එහිදී  ට්‍රයිසිකල් ප්‍රදානය කිරීම සිදුවිය.

ජූලි 16 වන දින අම්පාර දිස්ත්‍රික් ට්‍රයිසිකල් ප්‍රදානෝත්සවය අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේදී සිදුකළ අතර එම අවස්ථාව සදහා අම්පාර මහ නගර සභාවේ නගරාධිපති එම්.ඒ.චමින්ද සුගත් මහතාද සහභාගී විය.

ත්‍රිකුණාමලය නගරයෙහි ට්‍රයිසිකල් ප්‍රදානෝත්සවය ජූලි 17 වන දින පැවති අතර එම අවස්ථාව වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජේලාල් මහතාද සහභාගී විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවන් සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අලෙවි නිළධාරී අයි.ඩී.පී.කුමාරසිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

විශේෂාංග පුවත්