සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපති ශනිදා “කෝටිපති කප්රුක” නමින් වෙළදපොළට.

02-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ජනප්‍රිය ලොතරැයිපතක් වන කෝටිපති ශනිදා ලොතරැයිය “කෝටිපති කප්රුක” නමින් නව මුහුණුවරකින් ජනතාව අතරට ගෙන ඒමට තීරණය කර ඇත. ඒ අනුව “කෝටිපති කප්රුක” ලොතරැයිය එළඹෙන අගෝස්තු 02 වනදා සිට වෙළදපලට නිකුත් කරනු ලබයි.

කෝටිපති ශනිදා ලොතරැයියේ  සුපිරි ජයමල්ල සහ ත්‍යාග රටාව  නොවෙනස්ව “කෝටිපති කප්රුක” ලොතරැයියට ඇතුළත් කර ඇති අතර සෑම අගහරුවාදා සිකුරාදා සහ ඉරිදා දිනයකම කෝටිපති කප්රුක ලොතරුයි මිළදී ගැනීමෙන් ඔබට වාසනාවත්තයෙක් බවට පත්වීමට හැකියාව ඇත.

 “කෝටිපති කප්රුක” ලොතරැයිය සෑම අගහරුවාදා දිනකම රෝස පැහැයෙන්ද, සිකුරාදා දින කොළ පැහැයෙන්ද සහ ඉරිදා දින කහ පැහැයෙන්ද ඔබ අතරට පැමිණෙයි.

අලුත් වූ නමකින් නමුත් සුපුරුදු වාසනාවෙන් ඔබ අතරට එන කෝටිපති කප්රුකෙන් ඔබත් ඔබේ වාසනාව දිනාගන්න.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්