ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය අගෝස්තු 05 වන දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව සිදුකරන විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් සදහා ට්රයිසිකල් ලබාදීමේ අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයෙක් වෙත ට්‍රයිසිකලයක් ලබාදීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් උදය රාජිත සෙනවිරත්න මහතා,රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා යන අය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කලාප කළමනාකරු මලින්ද බලගල්ල මහතා සහභාගී විය.
පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.
අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වනදා සිට ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිළදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට...
නව තාක්ෂණය යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්යඵල සාධනය කර ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව...