සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ තෙවන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේදී 2019.08.14 වන දින පැවැත්විය.
වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන බහුතරයක් වූ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම එහිදී සිදුවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන් 400කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගී වූ අතර මෙම වැඩසටහන ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවට පාත්‍ර විය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කළාප කළමනාකරු මලින්ද බලගල්ල මහතා ඇතුළු පිරිස සහභාගී විය.
2021.10.19 දින පැවති ලග්න වාසනාව 3249 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,588,023/-ක මුදල දිනාගත් හැටන් ප්‍රදේශයේ බී. ලූර්ඩස් මහත්මියට අදාළ චෙක්පත ප්රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ හැටන් අලෙවි නියෝජිත බී.ඒ.පී.කේ....
2021.10.16 දින පැවති සංවර්ධන වාසනාව 451 වන වාරයේ සුපිරි ජයමල්ල රු.14,496,528/-ක මුදල දිනාගත් වලහන්දූව ප්‍රදේශයේ ආර්.එච්.ආර්.අයි.පී.රණසිංහ මහත්මියට අදාළ චෙක්පත ප්රදානය කිරීම සංවර්ධන ලොතරඅයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලදී. එම ජයග්‍රාහී ...