සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය කදවුරත් සාර්ථකව නිමාවේ !

16-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ තෙවන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේදී 2019.08.14 වන දින පැවැත්විය.

වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන බහුතරයක් වූ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම එහිදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන්  400කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගී වූ අතර මෙම වැඩසටහන ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවට පාත්‍ර විය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කළාප කළමනාකරු මලින්ද බලගල්ල මහතා ඇතුළු පිරිස සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්