සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) යාපනය නගරයේදී ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ අලෙවි ප්‍රගතිය සමාලෝචනය කිරීම, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සහ එම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණක් වන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීම එහිදි සිදුකරන ලදී.
2018 වර්ෂයේ උතුරු පළාතේ දිස්ත්‍රික් මට්ටමින් හොදම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් චෙක්පත්, කුසලාන සහ සහතිකපත් ප්රදානය ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ
මෙම වැඩසටහන අගය කරමින් සහභාගි වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් මහතා අතින් සිදුවිය.
අලෙවි නියෝජිත හමුවට සමගාමීව පැවැත්වූ අලෙවි කුටි බෙදාදීමේ වැඩසටහනද සංකේතවත් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සන්නාම කරන නව අලෙවි කුටි 06 අදාළ අලෙවි නියෝජිත මහත්මීන් සදහා ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, ක්‍රියාකාරී අධ්යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන ජයසූරිය මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා , උතුරු නැගෙනහිර පළාත් කලාප කළමනාකරු කුමාරසිරි මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...
දශක හතරක් පුරාවට සුවහසක් ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වාසනාව පිළිබද නව බලාපොරොත්තු දල්වමින් නව වසර සදහා වැඩ ආරම්භ කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ජයග්රාහණ...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...