සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහි නිමාව පසුගියදා සිදුවිය.
සියලුම නිවේදක නිවේදිකාවන් සහභාගී කරවමින් කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩමුළුව සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම සහභාගී කරවීම සැප්තැම්බර් 13 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ලදී.
පළමු කණ්ඩායම් වැඩසටහන පසුගිය අගෝස්තු මස සිදුවිය.
ප්‍රවීණ රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම පුහුණු වැඩමුළුව බෙල්ලන්විල අභින යෝගා ආශ්‍රමයෙහි පැවැත්විණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින සියලුම නිවේදක නිවේදිකාවන්ගේ නිවේදන හැකියාවන් හා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් ලබාදීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රු...
2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් &...