සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහි නිමාව පසුගියදා සිදුවිය.
සියලුම නිවේදක නිවේදිකාවන් සහභාගී කරවමින් කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩමුළුව සදහා පහළොස් දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම සහභාගී කරවීම සැප්තැම්බර් 13 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ලදී.
පළමු කණ්ඩායම් වැඩසටහන පසුගිය අගෝස්තු මස සිදුවිය.
ප්‍රවීණ රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම පුහුණු වැඩමුළුව බෙල්ලන්විල අභින යෝගා ආශ්‍රමයෙහි පැවැත්විණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින සියලුම නිවේදක නිවේදිකාවන්ගේ නිවේදන හැකියාවන් හා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් ලබාදීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණයි.
කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා වත්තල පී.එම්.එන්.කේ.නවරත්න මහත්මියට අදාළ චෙක්පත පිරිනැමීම 2020.12.07 දින සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හැදල අලෙවි නියෝජිත එස්.රොද්...
ලොතරැයි අලෙවි කේෂත්රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD) මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලි...