සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“ශනිදා වාසනාව” නව මුහුණුවරින් වෙළදපලට ඉදිරිපත් කිරීම සහ විශේෂ දිනුම් ඇදීම් ඔක්තෝබර් 01 දා සිට

01-October-2019

පායන හිරු මෙන් විශ්වාස  “ ශනිදා වාසනාව ” නව මුහුණුවරකින් මෙන්ම නව ත්‍යාග රටාවන්ගෙන් වෙළදපලට නිකුත් කිරීම  2019.10.01 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම නව වෙනස්වීම් වලට සමගාමීව ශනිදා වාසනාව ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීම් මාලාවක් සිදුකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව සුපිරි ශනිදා වාසනාව විශේෂ දිනුම් ඇදීම් මාලාවේ ප්‍රථම දිනුම් ඇදීම 2019 ඔක්තෝබර් 30 වන දින සිදුකිරීමට නියමිතය.

එදින සිදුකරනු ලබන විශේෂ දිනුම් ඇදීම හරහා ,

  1. යතුරු පැදි තුනක් ජයග්‍රාහකයින් තිදෙනෙකුටද
  2. රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාග රැසක්ද දිනා ගැනීමේ හැකියාව ඇත.

නොවැම්බර් මස පළමු දින සිට 2020 ජනවාරි මස දක්වා පවත්වනු ලබන “සුපිරි ශනිදා වාසනාව” විශේෂ දිනුම් ඇදීමේ වාරයන් හරහා රුපියල් 1000/- මුදල් ත්‍යාග 100 කට වැඩි ප්‍රමාණයක් දිනාගැනීමේ හැකියාව ඇත.

මෙම සියලු ත්‍යාග සමගින් සුපුරුදු ත්‍යාග රටාවන්ද නොවෙනස්ව පවතී.

අලුත් වූ ශනිදා වාසනාව සමගින් වාසනාවන්තයෙක් වන්න ඔබත් වැඩි වැඩියෙන් ශනිදා වාසනාව මිළදී ගන්න.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

විශේෂාංග පුවත්