සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන “ DLB සත්කාර ” වෛද්‍ය කදවුරු මාලාවේ අටවන වෛද්‍ය කදවුර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා 2019.11.10 වන දින නුවරඑළිය නගරයේදී පවත්වන ලදී.
මෙම වෛද්‍ය කදවුර සදහා 400කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා,නුවරඑළිය කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා සහ කොළඔ දිස්ත්‍රික් කලාප කළමනාකරු චින්තක අයිලප්පෙරුම යන අය සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියෙන් බිහිවූ කෝටිපති ජයග්රාහකයාට අදාළ චෙක්පත ප්රදානය කිරීම 2020.02.05 දින ජාතික රූපවාහිනී දිනුම් ඇදීම් මැදිරි පරිශ්‍රයේදී සිදුකරන ලදී.
කෝටිපති කප්රුක ලොතරැයියේ 550 වන වාරයේ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය. &nbs...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වන දිනට 37 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන් සිට අද දක්වා පසුකලාවූ වසර 37ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන්...