සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා ආකර්ෂණීය ලොතරැයිපතක් වන සුපර් බෝල් ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එළඹෙන ජනවාරි 30 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇත.
සුපර් බෝල් “සුපර් චාන්ස්” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමට අදාළ විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත් වෙළදපොලට නිකුත් කිරීම අද දින (2020.01.02) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
මෙම සුපර් බෝල් සුපර් චාන්ස් විශේෂ දිනුම් ඇදීම හරහා සුපුරුදු ත්‍යාග රටාවන්ට අමතරව මෝටර් බයිසිකල් දෙකක් ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහාත් ස්කූටර් 04 ක් ජයග්‍රාහකයින් හතර දෙනෙක් සදහාත් රුපියල් ලක්ෂයේ ත්‍යාග ජයග්‍රාහකයින් දස දෙනෙක් සදහාත් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත.
උදාවූ නව වසරේ ජයග්‍රාහී ආරම්භයක් වෙනුවෙන් ඔබත් සුපර් බෝල් සුපර් චාන්ස් ලොතරැයිපත් අද සිටම වැඩි වැඩියෙන් මිළදී ගන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
<...