සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් සුපර් චාන්ස් විශේෂ දිනුම් ඇදීම ජනවාරි 30 වනදා

02-January-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා ආකර්ෂණීය ලොතරැයිපතක් වන  සුපර් බෝල් ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එළඹෙන ජනවාරි 30 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇත.

සුපර් බෝල් “සුපර් චාන්ස්” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමට අදාළ  විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත් වෙළදපොලට නිකුත් කිරීම අද දින (2020.01.02) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

මෙම සුපර් බෝල් සුපර් චාන්ස් විශේෂ දිනුම් ඇදීම හරහා සුපුරුදු ත්‍යාග රටාවන්ට අමතරව මෝටර් බයිසිකල් දෙකක් ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහාත්  ස්කූටර් 04 ක් ජයග්‍රාහකයින් හතර දෙනෙක් සදහාත් රුපියල් ලක්ෂයේ ත්‍යාග ජයග්‍රාහකයින් දස දෙනෙක් සදහාත් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත.

උදාවූ නව වසරේ ජයග්‍රාහී ආරම්භයක් වෙනුවෙන් ඔබත් සුපර් බෝල් සුපර් චාන්ස් ලොතරැයිපත් අද සිටම වැඩි වැඩියෙන් මිළදී ගන්න.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්