සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එහිදී ලග්න වාසනාව 2741වන වාරයේ සුපිරි ජයමල්ල රු. 4,306,388 ක මුදල දිනාගත් බඩල්ගම ප්‍රදේශයේ එච්.ජේ.පී.රණසිංහ මහතාට අදාළ චෙක්පත ප්රදානය කළ අතර එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ දූනගහ අලෙවි නියෝජිත එච්.කේ.ජේ.ද සිල්වා මහතාටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.
ලග්න වාසනාව 2727 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,536,650 ක මුදල දිනාගත් මඩකලපුව ප්‍රදේශයේ එන්.පරදීස් මහතාට අදාළ චෙක්පත ප්රදානය කළ අතර ඔහුට එම වාසනාවන්ත ලොතරැයිය අලෙවි කළ මහනුවර අලෙවි නියෝජිත එන්.එන්.ගුණතිලක මහත්මියටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.
ලග්න වාසනාව ලොතරැයියේම 2717 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.2,000,000 ක මුදල දිනාගත් කොළඔ 08 පදිංචි එම්.ආර්.සිත්ති මහත්මියටද අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයිය අලෙවි කළ දික්වැල්ල අලෙවි නියෝජිත එල්.එම්.එස්.ප්‍රියන්ත මහතාටද එහිදී චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනමන ලදී.
තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අදකෝටිපති, ශනිදා වාසනාව, සුපර් බෝල්, කෝටිපති කප්රුක සහ ජයෝදා යන ලොතරැයිපත් වලින් රුපියල් දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 29 දෙනෙක් සදහාද එහිදී චෙක්පත් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී(විකුණුම්) සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිස සහභාගී විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...
දශක හතරක් පුරාවට සුවහසක් ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වාසනාව පිළිබද නව බලාපොරොත්තු දල්වමින් නව වසර සදහා වැඩ ආරම්භ කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ජයග්රාහණ...
අසිරිමත් නත්තල අභියස වාසනාව දෝතට තිළිණ කළ තවත් චෙක්පත් ප්‍රදානෝත්සවයක් 2024.12.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වය...