සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියෙන් බිහිවූ කෝටිපති ජයග්රාහකයාට අදාළ චෙක්පත ප්රදානය කිරීම 2020.02.05 දින ජාතික රූපවාහිනී දිනුම් ඇදීම් මැදිරි පරිශ්‍රයේදී සිදුකරන ලදී.
කෝටිපති කප්රුක ලොතරැයියේ 550 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 65 70 840 ක මුදල දිනූ අනුරාධපුර ඩබ්.ඒ.ගුණතිලක මහතාට එහිදී අදාළ චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා විසින් සිදුකරන ලදී.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ අනුරාධපුර අලෙවි නියෝජිත කේ.ජයන්ත කුමාර පෙරේරා මහතාටද එහිදි චෙක්පතක් සමගින් සහතික පතක් හිමිවිය.
එදිනම අද කෝටිපති 855 වන වාරයේ ජයමල්ල රු.1000000 ක මුදල දිනාගත් ගම්පොල ජී.ජී.රත්නායක මහතාටද අදාළ චෙක්පත ප්රදානය කරන ලදී.
අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
...සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) ...