සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපති කප්රුක ලොතරැයියේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත පිරිනැමේ

08-February-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියෙන් බිහිවූ කෝටිපති ජයග්‍රාහකයාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම 2020.02.05 දින ජාතික රූපවාහිනී දිනුම් ඇදීම් මැදිරි පරිශ්‍රයේදී සිදුකරන ලදී.

කෝටිපති කප්රුක ලොතරැයියේ 550 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 65 70 840 ක මුදල දිනූ අනුරාධපුර ඩබ්.ඒ.ගුණතිලක මහතාට එහිදී අදාළ චෙක්පත  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා විසින් සිදුකරන ලදී.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ අනුරාධපුර අලෙවි නියෝජිත කේ.ජයන්ත කුමාර පෙරේරා මහතාටද එහිදි චෙක්පතක් සමගින් සහතික පතක් හිමිවිය.

එදිනම අද කෝටිපති 855 වන වාරයේ ජයමල්ල රු.1000000 ක මුදල දිනාගත් ගම්පොල ජී.ජී.රත්නායක මහතාටද අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්