සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ජගත් පී විජේවීර.

12-February-2020

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ විශ්‍රාමික ජගත් පී විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ගරු මුදල් අමාත්‍යතුමන් විසින් පත්කර ඇත.

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිළධාරියකු ලෙස පත්වීම් ලබමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජගත් පී විජේවීර මහතා වසර 35 ක් එහි රාජ්‍ය පරිපාලනය පිළිබදව අත්දැකිම් ලද අයෙකි.

සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු  ධුරයන් හොබවා ඇති ජගත් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද සේවය කර ඇත.

විශේෂයෙන්ම නිතීය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද සේවය කරමින්  අත්දැකීම් පරිපූර්ණ වූ ජගත් මහතා ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද තම සේවය ලබාදී ඇත.

රාජ්‍ය සේවයේ එවන් විපුල අත්දැකීම් රැසක් සහිත ජගත් පී විජේවීර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබදව ප්‍රථම උපාධිය හදාරා අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධිය ලබා ඇත.

නව සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩ භාර ගැනීම 2020.02.10 දින සිදුවිය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්