2020 වර්ෂයේ මාස දෙකක කාලය ඇතුළත අද කෝටිපති ලොතරැයිය බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2020.02.26 දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.
එහිදී පහත නම් සදහන් ජයග්‍රාහකයින් සහ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අදාළ චෙක්පත් ලබාගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා සාමාන්‍යාධිකාරී, අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්), විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), චානක දොඩන්ගොඩ මහතා යන අය සහභාගී විය.
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...
ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.