නව තාක්ෂණය යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්යඵල සාධනය කර ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව හා මහජන බැංකුව සමගින් එක්ව ඔවුනොවුන්ගේ පරිගණක පද්ධති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිගණක පද්ධති හා සම්බන්ධ කරමින් ආයතනික මුදල් ගනුදෙනු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිතාවයෙන් යුතුව සිදුකිරීමට කටයුුතු යොදා ඇත.
එදිනෙදා සිදුකරනු ලබන මුදල් ගනුදෙනු ගිණුම්ගත කරන මෙම ක්‍රමවේදය හරහා 92ක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බෙදාහැරීමේ අලෙවි නියෝජීත පිරිසටද 2500ක් වන අලෙවි නියෝජිත පිරිසටද 20000 කට අධික ලොතරැයි අලෙවි සහායක පිරිසටද විශාල පහසුවක් අත්ව ඇත.
මෙම ජාලගත කිරීමේ තාක්ෂණික උපාය මාර්ගයේ වැදගත්කම වන්නේ මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ප්‍රධාන ආයතන තුනක් එකට එක්වී සිය සේවාව වඩාත් සාර්ථක ලෙස තම ගනුදෙනුකරුවන් අතරට ගෙනයාමයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැදසිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් අලෙවි නියෝජිතයින් ඇතුළු පාර්ශව ගණනාවකට මෙන්ම මෙරට සුවහසක් ශ්‍රි ලාංකියන්ගේ ජීවිතවලටද වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය දිනෙන් දින බිහිකරනු ලබන කෝටිපති ලක්ෂපති ජයග්‍රාහකයින්ගේ ප්‍රමාණයද අතිමහත්ය.
රාජ්‍ය ආයතනයක් ලෙස මෙරට ආර්ථික සමාජීය අධ්‍යාපනික හා සෞඛ්‍ය යන අංශවල ප්‍රගමනය වෙනුවෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම උපරිම දායකත්වය ලබාදේ.එසේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරන්නේ 2019 වර්ෂයේදී සිය මෙහෙයුම් ලාභය ලෙස රු. 2,668,792,667 (බිලියන 2.6) ක මුදලක් ජනාධිපති අරමුදලට බැර කළ බවත් එය 2019 වර්ෂයේ ඉලක්කගත ප්‍රමාණය ඉක්මවා යෑමක් බවයි. එමෙන්ම 2019 වර්ෂයේ අයවැය ගත අලෙවි ඉලක්කය ඉක්මා ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිලියන 17.8 ක පිරිවැටුමක් වාර්තා කිරීමද තමන් ලද ජයග්‍රහණයක් තවදුරටත් ප්‍රකාශ කර සිටී.
තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ඉලෙක්ට්‍රොනික ලොතරැයියක් (e-Lottery) හදුන්වා දීමේ වැඩපිළිවෙලද මේ වනවිට පරීක්ෂණ මට්ටමින් හදුන්වා දී ඇති අතර එම ඉලෙක්ට්‍රොනික ලොතරැයිය සමස්ත ශ්‍රි ලාංකිකයින්ට මිලදී ගැනීමට හැකි පහසුකම නුදුරු අනාගතයේදීම උදාකර දීමටද සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කර සිටී.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කුරුණෑගල හා පුත්තලම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.29 වන දින බෝයගනේ සැලියුට් උත්සව ...
ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන ...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...