ලග්න වාසනාව 3093 වන වාරයේ සුපිරි ජයමල්ල 2,689,014/- ක මුදල දිනාගත් එම්.ඒ.ඩබ්.සුරේන්ද්ර මහතාට අදාළ චෙක්පත ලබාදීම 2021.04.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.
එමෙන්ම සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ තවත් දස ලක්ෂපති ජයග්රාහකයින් දාහතර දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීමද එහිදී සිදුවිය.