සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වසරේ වැඩ ආරම්භ කරයි !

02-January-2025

දශක හතරක් පුරාවට සුවහසක් ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වාසනාව පිළිබද නව බලාපොරොත්තු දල්වමින් නව වසර සදහා වැඩ ආරම්භ කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.  ජයග්‍රාහණයේ නිම් වළලු පුළුල් කරමින් ශ්‍රි ලාංකික ජීවිත වාසනාවන්ත කරන අතරවාරයේම  මේ රට වෙනුවෙන් ලබා දෙන දායකත්වයන් උපරිමයෙන් ලබාදී පුරවැසියන් සේම රට දිනවීමත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වගකීම බව මෙහිදී සිහිපත් කරන ලදී.

එම වගකීම හිත දරා ඔබ සමගින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ඔබත් වාසනාව උදා කර ගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.



විශේෂාංග පුවත්