2021.07.14 දින පැවති අද කෝටිපති 1308 වන වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/- දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මිය. ඇයට අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ මාතර අලෙවි නියෝජිත ඒ.බී.සුදත් ද සිල්වා මහතාගේ ලොතරැයි ගොන්නෙනි.
"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප...