2021.10.19 දින පැවති ලග්න වාසනාව 3249 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,588,023/-ක මුදල දිනාගත් හැටන් ප්‍රදේශයේ බී. ලූර්ඩස් මහත්මියට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ හැටන් අලෙවි නියෝජිත බී.ඒ.පී.කේ.පෙරේරා මහතායි.
තවද 2021.10.14 දින පැවති ලග්න වාසනාව 3244 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,149,903/-ක මුදල දිනාගත් කළුතර ප්‍රදේශයේ ඒ.ඒ.පී.මල්ෂාන් මහතාටද එදිනම චෙක්පත ප්‍රදානය කළ අතර එම ජයග්‍රාහකයා බිහිකර තිබුණේ මොරොන්තුඩුව අලෙවි නියෝජිත ඩී.ජේ.ජයවර්ධන මහතායි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...