සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව DLB Sweep App එම සම්මාන උළෙලේ Best Digitalization Process Enabler කාණ්ඩය වෙත නිර්දේශවීමද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්රාහණයකි.
තවද ඩිජිටල්කරණයත් සමගින් යාවත්කාලීන වෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන සසිරි ලොතරැයියටද එම සම්මාන උළෙලේදී In - house Category යටතේ කුසලතා සම්මානයක් හිමිවිය.
මෙම උත්කර්ෂවත් ජයග්‍රාහී අවස්ථාව වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) මධුර හර්ෂණ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ පද්ධති විශ්ලේෂක උමේෂ් ඉලේපෙරුම මහතා සහභාගී විය.
"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප...