සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

DLB Sweep App හා සසිරි ඩිජිටල් ලොතරැයිය සම්මානයට පාත්‍රවේ !

22-January-2022

සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව DLB Sweep App එම සම්මාන උළෙලේ Best Digitalization Process Enabler කාණ්ඩය වෙත නිර්දේශවීමද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්‍රාහණයකි.


තවද ඩිජිටල්කරණයත් සමගින් යාවත්කාලීන වෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන සසිරි ලොතරැයියටද එම සම්මාන උළෙලේදී In - house Category යටතේ කුසලතා සම්මානයක් හිමිවිය.

 

මෙම උත්කර්ෂවත් ජයග්‍රාහී අවස්ථාව වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) මධුර හර්ෂණ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ පද්ධති විශ්ලේෂක උමේෂ් ඉලේපෙරුම මහතා සහභාගී විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්