සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදායන චමින්ද කිරින්ගොඩ මැතිතුමාත්, රංජිත් බණ්ඩාර මැතිතුමාත්, මහනුවර මහනගර සභාවේ ගරු නගරාධිපති කේසර ඩී. සේනානායක මැතිතුමාත්, වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම්.රවීන්ද්‍ර බණ්ඩාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ගරු අජිත් ගුණරත්න නාරගල මහතා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022 නව වර්ෂයේදී මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වූ අතර, එහි දී අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ප්‍රධානයන් ද සිදු කරන ලදී.
කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා වත්තල පී.එම්.එන්.කේ.නවරත්න මහත්මියට අදාළ චෙක්පත පිරිනැමීම 2020.12.07 දින සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හැදල අලෙවි නියෝජිත එස්.රොද්...
ලොතරැයි අලෙවි කේෂත්රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD) මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලි...