සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදායන චමින්ද කිරින්ගොඩ මැතිතුමාත්, රංජිත් බණ්ඩාර මැතිතුමාත්, මහනුවර මහනගර සභාවේ ගරු නගරාධිපති කේසර ඩී. සේනානායක මැතිතුමාත්, වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම්.රවීන්ද්‍ර බණ්ඩාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ගරු අජිත් ගුණරත්න නාරගල මහතා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022 නව වර්ෂයේදී මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වූ අතර, එහි දී අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ප්‍රධානයන් ද සිදු කරන ලදී.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කළුතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.16 වන දින වාද්දූව ලයා බීචි හෝටල් පරි...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.09 වන දින කටුනායක ඊගල් ලැගුන් වීව් හ...
කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්...